ලංකා ගී පොතේ බ්ලොග් අඩවිය

A discussion forum for LankaSongBook – ලංකා ගී පොත ගැන කතා කරමු

  • April 2024
    M T W T F S S
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930  

ජෝති ගේ ගී රැසක් ලංකා ගී පොතට

Posted by lankasongbook on May 2, 2014

ජෝති ගේ රසිකාවියක් එවූ ඔහුගේ ජනප්‍රිය ගීත 30 කට ආසන්න ප්‍රමාණයක් ලංකා ගී පොතට අළුතින් ම එක් වුනා. ජෝති ගේ තවත් ගීත ළඟදීම එක් වේවි. නැවත ඇවිත් බලන්න! http://LankaSongBook.com

Posted in Uncategorized | Leave a Comment »

ලංකා ගී පොතට අළුත් ගීත

Posted by lankasongbook on December 16, 2013

ලංකා ගී පොතේ ගී පද සංඛ්‍යාව 1500 ඉක්මවූවා. කළින් අපට මග හැරී තිබුණ ගී පද 100 කට ආසන්න ප්‍රමාණයක් මේ මාසය ඇතුලතදී ගී පොතට එක් වුනා.

සංගීත රසිකයන්ට තවත් අළුත්ම ප්‍රවෘත්තියක්: ගී පද වලට අමතරව දැන් බොහෝ ගී සඳහා guitar chords ද ඔබට දැක ගන්නට පුළුවනි. ක්‍රම ක්‍රමයෙන් සියළු ගීත සඳහා chords ඇතුළත් කිරීමයි අරමුණ.

ඉතින් එන්න, රස විඳින්න!

http://www.LankaSongBook.com

Posted in Uncategorized | Leave a Comment »

ගී පොතේ පිටු 1400 ඉක්මවයි

Posted by lankasongbook on December 22, 2012

ලංකා ගී පොතට අළුත් ගීත පනහකට ආසන්න ගණනක් අළුතින් එක් වුනා. මේ අතර නන්දා මාලිනී, සී.ටී. ප්‍රනාන්දු, කැලිප්සෝ, මේකලා ගමගේ, ඉන්ද්‍රානි බෝගොඩ ඇතුළු තවත් ගායක ගායිකාවන්ගේ අති ජනප්‍රිය ගීත තියනවා. ඇවිත් බලන්න! www.lankasongbook.com

Posted in Uncategorized | 1 Comment »

ලංකා ගී පොත නව මුහුණුවරකින්…

Posted by lankasongbook on December 18, 2012

අළුත් අවුරුද්දට ලංකා ගී පොත ට අළුත් මුහුණක් ලැබිලා. පසු ගිය කාලයේ එක් වුනු අළුත් ගී වලට අමතරව තවත් ජනප්‍රිය ගීත ගණනාවක් තව දින කිහිපයකින් එකතු වේවි. එන්න – බලන්න. www.lankasongbook.com.

Posted in Uncategorized | Leave a Comment »

ලංකා ගී පොතේ ගී පද සංඛ්‍යාව 1300 ඉක්මවයි

Posted by lankasongbook on February 27, 2012

අප හද බැඳ ගත් තවත් ගීත 63ක් එක් වූ පසු ලංකා ගී පොතේ (www.lankasongbook.com) අළුත්ම ගී පද ගණන 1358 යි. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, චන්ද්‍රිකා සිරිවර්ධන, බන්දුල විජේවීර, සුනිල් එදිරිසිංහ ගැයූ ජනප්‍රිය ගී ගණනාවක් අළුත් ගී අතර තියනවා. යන්න – රස විඳින්න!

 

Posted in Uncategorized | Leave a Comment »

ලංකා ගී පොත තවත් ඉදිරියට

Posted by lankasongbook on December 25, 2011

2011 වසරත් අවසන් වෙන්න ඇවිත්. වසර අවසන් වෙන්න කළින් ගී පොතට අළුත් ගී ගණනාවක් එකතු කරන්න හැකි වුනා. දැන් ජනප්‍රිය ගීත වල ගී පද 1200 කටත් වඩා ඔබට බලාගන්න පුළුවනි. ඒ වගේම තිබුනු ගී පද වල අඩුපාඩු රාශියක් නිවැරදි කරන්නත් කටයුතු කළා. ඒ වැඩේ නම් තාම අවසන් නැහැ.
විශේෂම අළුත් දෙය තමයි mobile phones වගේ කුඩා තිර සහිත උපකරණ සඳහාම සකස් කළ පිටු හඳුන්වා දීම. ඉතින් මගේ පැතුම ලංකා ගී පොත තව දුරටත් ඔබ සැමට ගී පද සොයා ගැනීමට උපකාර වේවා!’ යන්න.
යන්න, ඔබත් ඔබේ ප්‍රියතම ගී පද මුමුණන්න! www.LankaSongBook.com

Posted in Uncategorized | 2 Comments »

සංගීතය ප්‍රිය නොකරන්නේ යක්‍ෂ‍යා පමණි

Posted by lankasongbook on January 18, 2010

මේ කියමන ඔබත් නිසැකවම අහලා ඇති. තනියම හරි සිංදුවක් මුමුණන කොට අපට දැනෙන්නේ සතුටක්. ඉතින් දැනටමත් ඔබගේ ප්‍රියතම ගීතය ලංකා ගී පොතේ (www.lankasongbook.com) නැති නම් එය එක් කරන්නයි මේ ආරාධනාව. ඒ වගේම දැනට එහි ඇති ගීත වල පද හා තනු රචකයින් දන්නවා නම් මට ඒවා ලියා එවන්න. මගේ කලින් ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වූ සැමට තුති.

Posted in Uncategorized | Leave a Comment »

සුරංගීට දුක හිතුනා

Posted by lankasongbook on November 11, 2009

සුරංගීට දුක හිතුනා ගීතය නන්දා මාලිනිය විසින් 1970 මුල් කාලයේ ගැයූ එකක් කියල
මට හිතෙන්නෙ. අද උදේ වැඩට එනකොට ඒක රේඩියෝ එකේ ගියා. කවුරු හරි දන්නවාද ඒකේ පද වැල? දන්නවා නම් කරුණාකර මට එවන්න, ලංකා ගී පොතට (www.lankasongbook.com) එකට මම එය ඇතුල් කරන්නම්.

Posted in Uncategorized | 7 Comments »

සින්ඩිය බලන රසිකයන් මේක දන්නවා ද?

Posted by lankasongbook on October 26, 2009

අතුල අධිකාරී ගායනා කරන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත ලිව්වේ කවුද කියා දන්නවා නම මට කියන්න. ඒ වගේම ඒ ගීත වල තනු නිර්මාණය කළ කලාකරුවාත් දැන ගන්න අවශ්‍යයි. ගී පද මාලා 1100 කට වඩා තියන ලංකා ගී පොතේ ගීත පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න මට සහය වෙන්න!

මේ සටහන තිබ්බේ විශේෂයෙන් සින්ඩියේ රසවතුන් ඉලක්ක කරගෙනයි. අක්‍රීය වෙලා තිබුන මගේ බ්ලොගය අළුතින් එකතු කරලාම වැඩේ පටන් ගන්න සිද්ධ වුනා.

Posted in Uncategorized | Leave a Comment »

මේ ගීත ලිව්වේ කවුද?

Posted by lankasongbook on October 22, 2009

අතුල අධිකාරී ගායනා කරන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත ලිව්වේ කවුද කියා දන්නවා නම මට කියන්න. ඒ වගේම ඒ ගීත වල තනු නිර්මාණය කළ කලාකරුවාත් දැන ගන්න අවශ්‍යයි. ගී පද මාලා 1100 කට වඩා තියන ලංකා ගී පොතේ ගීත පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න මට සහය වෙන්න!

Posted in Uncategorized | 3 Comments »