ලංකා ගී පොතේ බ්ලොග් අඩවිය

A discussion forum for LankaSongBook – ලංකා ගී පොත ගැන කතා කරමු

  • August 2017
    M T W T F S S
    « May    
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031  

මේ ගීය හැදුවේ කවුද?

Posted by lankasongbook on October 19, 2009

අතුල අධිකාරී ගයන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත වල ගී පද කාගේ ද්? ගී තනු කාගේ ද? ලංකා ගී පොතේ ඇති ගී පද 1100 කට වැඩි ගීත වල ගී පද ලියූ සහ තනුව නිර්මාණය කළ කලා කරුවන් සොයා ගන්න මට උදව් වෙන්න! ඔබට තුති!

Posted in Uncategorized | Leave a Comment »

ලංකා ගී පොතට දායක වෙන්න!

Posted by lankasongbook on October 14, 2009

පරම්පරා සීමා පරදවමින් හදවතේ රැඳුන සිංහල ගී වල ගී පද එකතුව ලංකා ගී පොතයි (www.LankaSongbook.com). දැනට එහි ගී පද මාලා 1100 කට වඩා තියනවා. දැනට එහි ඇතුළත් නොමැති ගී පද සොයා ගැනීමටත්, ගීත වල පද සහ තනු රචකයින් සොයා ගන්නත් ඔබේ උදව්ව මට අවශ්‍යයි. මම කල්පනා කළා මේ බ්ලොගය හරහා ඔබේ දායකත්වය ලබා ගන්න. කුඩා ඉල්ලීම් වශයෙන් මම මගේ අවශ්‍යතා ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබ අතරින් කවුරු හෝ කෙනෙකුට එක් ඉල්ලීමක්වත් ඉටු කරන්න හැකි වේ යයි මම විශ්වාස කරනවා.

Posted in Uncategorized | 2 Comments »

ලංකා ගී පොතට අළුත් ගී

Posted by lankasongbook on July 2, 2009

විරාමයකට පස්සෙ ලංකා ගී පොතට තව ලස්සන ගී කීපයක් එකතු කළා. ඇවිත් බලන්න: www.lankasongbook.com

Posted in Uncategorized | Leave a Comment »

ලංකා ගී පොත යුනිකේත වලින්

Posted by lankasongbook on October 8, 2008

ටිකක් මහන්සි වෙලා ලංකා ගී පොතේ ගීත සියල්ල යුනිකේත වලින් පෙන්වන්න හදා ගත්තා. දැන් දහසකට වැඩි ජනප්‍රිය ගීත ගණනක් යුනිකේත භාවිතා කරලා ලංකා ගී පොතේ බලා ගන්න පුළුවන්. මම හිතනවා යුනිකේත ප්‍රවර්ධනයට දායක වන හැම දෙනාම මේ ගැන සතුටු වෙයි කියා. තවම දත්ත බැංකුව යුනිකේත කරලා නෑ. ඒක ඊළඟට. ඒකට අත ගහන්න මට තව ටික කාලයක් ඕන.

යුනිකේත භාවිතය නිසා වඩාත් ඉක්මණින් ගීත තිරයට ගන්න හැකි විය යුතුයි. මේ ගැන google group එකට දැනුම් දෙනවාද නැද්ද කියල හිත හිත ඉන්නෙ. කොහොමත් මේක දකින අය අනිත් අයටත් කියාවි කියල මම හිතනව.

Posted in Uncategorized | 3 Comments »

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට මල් මිටක්

Posted by lankasongbook on October 1, 2008

ඔන්න අන්තිමට මගේ බ්ලොග් එකත් ලැයිස්තුවට එකතු වෙලා. පහු ගිය දවස් කීපයේ අළුත් දේවල් ගොඩක් කරන්න සංසදයේ තිබුන උපදෙස් වලින් පුළුවන් වුනා. මේ දවස් වල මට දැනෙන්නේ ලොකු නින්දකින් පස්සෙ අවදි වුනාම වගෙයි. මම පරිගණකයෙ සිංහල ලියන එක ගැන කාලෙකට ඉස්සර ලොකු උනන්දුවකින් වැඩ කළා. ඊට පස්සෙ අවුරුදු ගානක් ඒ ගැන අමතකම කරල හිටිය. දැන් බලනකොට ඒ පැත්තෙන් අපි කොච්චර ඉස්සරහට ගිහින් තියනවද! මේකට මහන්සි වුනු හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ. අපේ කොල්ලො කෙල්ලො දැන් හරි හරියට සිංහලෙන් ලියනව බලන්නත් ආසයි.

[මේ අතර ලංකා ගී පොත බලන්නත් ඔබට ආරාධනා!]

Posted in Uncategorized | 2 Comments »

කිව්වත් වගේ …

Posted by lankasongbook on October 1, 2008

කිව්වත් වගේ firefox 3 ස්ථාපනය කළා විතරයි, අකුරු අඤ්ඤං මඤ්ඤං වෙලා තිබුනු ප්‍රශ්ණය විසඳුනා. දැන් රකාරාංශය එහෙම හරියට පේනවා. නියමයි.

Posted in Uncategorized | Leave a Comment »

Win XP වල ප්‍රශ්ණය දැන් තේරෙනවා

Posted by lankasongbook on October 1, 2008

ඇත්ත තමයි. ගෙදර තියන Win XP එකේ firefox වලින් බලන කොට සිංහල අකුරු හරියට පේන්නෙ නැති එක ගැටළුවක් කර ගෙන නෙ හිටියෙ. කොහේ හරි මම කියෙව්වා firefox 2.0 වලින් අකුරු හරියට පේනෙ නෑ firefox 3.0 පාවිච්චි කරන්න කියල. අද තමයි මම IE එකෙන් බැළුවෙ. ඒකෙ හරියට අකුරු ඇඳෙනවා. එහම නම් ඉතින් firefox 3.0 දැම්මම firefox ප්‍රශ්ණෙත් විසඳෙයි. (මේක ලිව්වෙ sm2uc පාවිච්චි කරලා cut-and-paste කිරීමෙන්. ලිනක්ස් වල වගේ වින්ඩෝස් වල කෙළින්ම සුමිහිරි වලින් ලියන්න බැහැනේ.)

Posted in Uncategorized | 1 Comment »

මහජනයාට විවෘතයි

Posted by lankasongbook on September 25, 2008

ඔන්න දැන් lankasongbook.com/sm2uc.php එක මහජනයාට විවෘතයි. තාම ප්‍රශ්ණ නැතුවා නොවෙයි. වේගය වැඩි කරන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඊට අමතරව තාම රේපය හරියට වැඩ කරන්නේ නැහැනේ. ඒක නම් s2u එකේ ප්‍රශ්ණයක්. දැනට ඉතින් රේපය නැතුව ලියන්න බැරි කමක් නැහැ. සුමිහිරි වල සම්මුතීන් ඒ පිටුවටම එක් කරන්න ඕනෙ පාවිච්චිය පහසු කරන්න.

Posted in Uncategorized | Leave a Comment »

සුමිහිරි වලින් යුනිකෝඩ් වලට

Posted by lankasongbook on September 19, 2008

සුමිහිරි වලින් යුනිකෝඩ් වලට පරිවර්තනය කරන්න පුළුවන් උපාංගයක් අද හදා ගත්තා. බොහොම ප්‍රාථමික අවධියකයි ඒක ඒ වුනාට තාම තියෙන්නෙ. ඒත් ඒ වැඩේ කරන්න පුළුවන් කියන එක ඔප්පු කර ගන්න පුළුවන් වුනා. හැබැයි තාම මහජනයාට පාවිච්චියට සුදුසු නැහැ!

Posted in Uncategorized | 2 Comments »

තවත් දවසක්

Posted by lankasongbook on September 18, 2008

බලමු තව ටික දවසක් මේකෙන් වැඩක් වෙනවද කියලා. අද මම ටික වේලාවක් http://www.sinhalabloggers.com එකේ ගත කළා. ඒකේ තිබුන සමහර බ්ලොග් දිහා බැලුවම පුදුම හිතුනා. දක්‍ෂ‍තා ගොඩක් තියන තරුණ කට්ටියකගෙ බ්ලොග් කියෙව්වා. විශේෂයෙන්ම කට්ටිය සිංහලෙන් හොඳට බ්ලොග් කරන බව පෙනුණා. මේ අය සිංහල ලියන්නේ කොහොමද කියන එක දැන ගන්න තියනව නම් හොඳයි.

කාලයක් තිස්සෙ ලියල තිබුන සිංදු ටිකක් අද ලංකා ගී පොතට ඇතුල් කළා. දැන් සිංදු 1108 ක් තියනවා.

ගෙහාන් ට මේල් එකක් දැම්මා සිංදු වල ලිස්ට් එකක් එක්ක.

Posted in Uncategorized | Leave a Comment »