2011 වසරත් අවසන් වෙන්න ඇවිත්. වසර අවසන් වෙන්න කළින් ගී පොතට අළුත් ගී ගණනාවක් එකතු කරන්න හැකි වුනා. දැන් ජනප්‍රිය ගීත වල ගී පද 1200 කටත් වඩා ඔබට බලාගන්න පුළුවනි. ඒ වගේම තිබුනු ගී පද වල අඩුපාඩු රාශියක් නිවැරදි කරන්නත් කටයුතු කළා. ඒ වැඩේ නම් තාම අවසන් නැහැ.
විශේෂම අළුත් දෙය තමයි mobile phones වගේ කුඩා තිර සහිත උපකරණ සඳහාම සකස් කළ පිටු හඳුන්වා දීම. ඉතින් මගේ පැතුම ලංකා ගී පොත තව දුරටත් ඔබ සැමට ගී පද සොයා ගැනීමට උපකාර වේවා!’ යන්න.
යන්න, ඔබත් ඔබේ ප්‍රියතම ගී පද මුමුණන්න! www.LankaSongBook.com
ලංකා ගී පොත තවත් ඉදිරියට
Posted by lankasongbook on December 25, 2011
Posted in Uncategorized | 2 Comments »
සංගීතය ප්‍රිය නොකරන්නේ යක්‍ෂයා පමණි
Posted by lankasongbook on January 18, 2010
මේ කියමන ඔබත් නිසැකවම අහලා ඇති. තනියම හරි සිංදුවක් මුමුණන කොට අපට දැනෙන්නේ සතුටක්. ඉතින් දැනටමත් ඔබගේ ප්‍රියතම ගීතය ලංකා ගී පොතේ (www.lankasongbook.com) නැති නම් එය එක් කරන්නයි මේ ආරාධනාව. ඒ වගේම දැනට එහි ඇති ගීත වල පද හා තනු රචකයින් දන්නවා නම් මට ඒවා ලියා එවන්න. මගේ කලින් ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වූ සැමට තුති.
Posted in Uncategorized | Leave a Comment »
සුරංගීට දුක හිතුනා
Posted by lankasongbook on November 11, 2009
සුරංගීට දුක හිතුනා ගීතය නන්දා මාලිනිය විසින් 1970 මුල් කාලයේ ගැයූ එකක් කියල
මට හිතෙන්නෙ. අද උදේ වැඩට එනකොට ඒක රේඩියෝ එකේ ගියා. කවුරු හරි දන්නවාද ඒකේ පද වැල? දන්නවා නම් කරුණාකර මට එවන්න, ලංකා ගී පොතට (www.lankasongbook.com) එකට මම එය ඇතුල් කරන්නම්.
Posted in Uncategorized | 6 Comments »
සින්ඩිය බලන රසිකයන් මේක දන්නවා ද?
Posted by lankasongbook on October 26, 2009
අතුල අධිකාරී ගායනා කරන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත ලිව්වේ කවුද කියා දන්නවා නම මට කියන්න. ඒ වගේම ඒ ගීත වල තනු නිර්මාණය කළ කලාකරුවාත් දැන ගන්න අවශ්‍යයි. ගී පද මාලා 1100 කට වඩා තියන ලංකා ගී පොතේ ගීත පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න මට සහය වෙන්න!
මේ සටහන තිබ්බේ විශේෂයෙන් සින්ඩියේ රසවතුන් ඉලක්ක කරගෙනයි. අක්‍රීය වෙලා තිබුන මගේ බ්ලොගය අළුතින් එකතු කරලාම වැඩේ පටන් ගන්න සිද්ධ වුනා.
Posted in Uncategorized | Leave a Comment »
මේ ගීත ලිව්වේ කවුද?
Posted by lankasongbook on October 22, 2009
අතුල අධිකාරී ගායනා කරන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත ලිව්වේ කවුද කියා දන්නවා නම මට කියන්න. ඒ වගේම ඒ ගීත වල තනු නිර්මාණය කළ කලාකරුවාත් දැන ගන්න අවශ්‍යයි. ගී පද මාලා 1100 කට වඩා තියන ලංකා ගී පොතේ ගීත පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න මට සහය වෙන්න!
Posted in Uncategorized | Leave a Comment »
මේ ගීය හැදුවේ කවුද?
Posted by lankasongbook on October 19, 2009
අතුල අධිකාරී ගයන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත වල ගී පද කාගේ ද්? ගී තනු කාගේ ද? ලංකා ගී පොතේ ඇති ගී පද 1100 කට වැඩි ගීත වල ගී පද ලියූ සහ තනුව නිර්මාණය කළ කලා කරුවන් සොයා ගන්න මට උදව් වෙන්න! ඔබට තුති!
Posted in Uncategorized | Leave a Comment »
ලංකා ගී පොතට දායක වෙන්න!
Posted by lankasongbook on October 14, 2009
පරම්පරා සීමා පරදවමින් හදවතේ රැඳුන සිංහල ගී වල ගී පද එකතුව ලංකා ගී පොතයි (www.LankaSongbook.com). දැනට එහි ගී පද මාලා 1100 කට වඩා තියනවා. දැනට එහි ඇතුළත් නොමැති ගී පද සොයා ගැනීමටත්, ගීත වල පද සහ තනු රචකයින් සොයා ගන්නත් ඔබේ උදව්ව මට අවශ්‍යයි. මම කල්පනා කළා මේ බ්ලොගය හරහා ඔබේ දායකත්වය ලබා ගන්න. කුඩා ඉල්ලීම් වශයෙන් මම මගේ අවශ්‍යතා ඔබට ඉදිරිපත් කරන්නම්. ඔබ අතරින් කවුරු හෝ කෙනෙකුට එක් ඉල්ලීමක්වත් ඉටු කරන්න හැකි වේ යයි මම විශ්වාස කරනවා.
Posted in Uncategorized | 2 Comments »
ලංකා ගී පොතට අළුත් ගී
Posted by lankasongbook on July 2, 2009
විරාමයකට පස්සෙ ලංකා ගී පොතට තව ලස්සන ගී කීපයක් එකතු කළා. ඇවිත් බලන්න: www.lankasongbook.com
Posted in Uncategorized | Leave a Comment »
ලංකා ගී පොත යුනිකේත වලින්
Posted by lankasongbook on October 8, 2008
ටිකක් මහන්සි වෙලා ලංකා ගී පොතේ ගීත සියල්ල යුනිකේත වලින් පෙන්වන්න හදා ගත්තා. දැන් දහසකට වැඩි ජනප්‍රිය ගීත ගණනක් යුනිකේත භාවිතා කරලා ලංකා ගී පොතේ බලා ගන්න පුළුවන්. මම හිතනවා යුනිකේත ප්‍රවර්ධනයට දායක වන හැම දෙනාම මේ ගැන සතුටු වෙයි කියා. තවම දත්ත බැංකුව යුනිකේත කරලා නෑ. ඒක ඊළඟට. ඒකට අත ගහන්න මට තව ටික කාලයක් ඕන.
යුනිකේත භාවිතය නිසා වඩාත් ඉක්මණින් ගීත තිරයට ගන්න හැකි විය යුතුයි. මේ ගැන google group එකට දැනුම් දෙනවාද නැද්ද කියල හිත හිත ඉන්නෙ. කොහොමත් මේක දකින අය අනිත් අයටත් කියාවි කියල මම හිතනව.
Posted in Uncategorized | 2 Comments »
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට මල් මිටක්
Posted by lankasongbook on October 1, 2008
ඔන්න අන්තිමට මගේ බ්ලොග් එකත් ලැයිස්තුවට එකතු වෙලා. පහු ගිය දවස් කීපයේ අළුත් දේවල් ගොඩක් කරන්න සංසදයේ තිබුන උපදෙස් වලින් පුළුවන් වුනා. මේ දවස් වල මට දැනෙන්නේ ලොකු නින්දකින් පස්සෙ අවදි වුනාම වගෙයි. මම පරිගණකයෙ සිංහල ලියන එක ගැන කාලෙකට ඉස්සර ලොකු උනන්දුවකින් වැඩ කළා. ඊට පස්සෙ අවුරුදු ගානක් ඒ ගැන අමතකම කරල හිටිය. දැන් බලනකොට ඒ පැත්තෙන් අපි කොච්චර ඉස්සරහට ගිහින් තියනවද! මේකට මහන්සි වුනු හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ. අපේ කොල්ලො කෙල්ලො දැන් හරි හරියට සිංහලෙන් ලියනව බලන්නත් ආසයි.
[මේ අතර ලංකා ගී පොත බලන්නත් ඔබට ආරාධනා!]
Posted in Uncategorized | 2 Comments »